අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න සූදානම් – ලිපිලේඛනවලට ජනපති අත්සන් කරයි

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළයුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) අත්සන් තබා තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබෙනවා.

හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපිලේඛන සහතික කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති.

 431 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments