දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කිරීමට

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (05) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව හෙට උදෑසන 05.00 සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් කිහිපදෙනෙකු ද හඳුනාගැනුණි.

 48 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments