ලෝක කම්කරු දිනය අද (01)

තම වැඩ මුරය පැය අටකට සීමා කරන ලෙස ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම ලොව පුරා සිදුකෙරෙනවා. ලොවපුරා සෑම රටකම මැයි දිනය සිහිකරමින් පෙළපාලි, රැළි සහ විවිධ මැයි දින උත්සව කටයුතු සංවිධානය කිරීම සිදුකරනු ලබනවා.
කෙසේ වෙතත් මේ වනවිට ලෝකයම වෙලාගෙන ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරුම් සිදුකිරීමට බොහොමයක් රටවල් පියවර නොගන්නා බවයි වාර්තා වන්නේ. />එමෙන්ම කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් හේතුවෙන් මෙරට ලෝක මැයි දින සැමරුම් පෙළපාලි සහ රැළි ද අවලංගු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබෙනවා.

 62 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments