“රිෂාඩ් කිව්වොත් එයාව පාර්ලිමේන්තු එක්කන් එන්න” පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

ඉල්ලීමක් කළහොත් රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් CIDයට දන්වා තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. ලබන මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් පෙ.ව. 9.30 වන විට මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැටුව ඒමට කටයුතු කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවද ප්‍රනාන්දු මහතා විසින් වැඩිදුරටත් දන්වා ඇත.

 78 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments