රට වසා දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමක් කඩිනමින් කළ යුතුයි

කොවිඩ් වසංගතයට එරෙහිව කැප වීමෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ බලපෑම් හෝ හිංසන සිදු කිරීම වහාම නැවැත්විය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරනවා. මේ අතර දිනකට 1000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් භයානක බවත් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ගිලන් රථ පහසුකම් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට මෙරට පවතින කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන ස්වභාවයක් දක්නට ලැබෙන නිසා ඉදිරියේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි අවධානමකට මුහුණ දිය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ හේතුවෙන් කඩිනමින් රට වසා දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමක් මගින් මෙරට රෝගීන් අවම කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව  ශ්‍රී ලංකා
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩි දුරටත් සඳහන් කරනවා. 

 98 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments