රෝහල්වල කොවිඩ් ආසාදිතයින් 10,000ක්

මෙරට තුළ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා  ගොස් තිබේ. ආසාදිතයින් 10,372 දෙනෙකු දිවයිනේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අතර වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව රෝහල් ගත ආසාදිතයින් සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙයි.

මේ වන විට නැගෙනහිර කොළඹ මුලික රෝහලේ  සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි. “මේ රෝහලේ රෝගීන් 120කට වගේ ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් මේ වන විට 116ක් රෝගීන් ප්‍රතිකාර ලබනවා. ඒ අනුව පැහැදිලියි උපරිම සීමාව දක්වා අපි ඇවිල්ලා කියලා. ඒ වගේම දැඩි සත්කාර ඒකක හා අධි සත්කාරක ඒකකවල රෝගීන් ඇඳන් 8 ම මේ අවස්ථාව වන විට ප්‍රතිකාර ලබනවා.“ 

 99 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments