පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්යතයට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබුණු බව එම නිවේදනයේ දැක්වේ.
 
“එසේ වුවද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ.1511.90.10 සුසංගත කේතාංකය (Harmonized System code) සහිත ප්‍රභේදය එවැන්නකි. එය ව්‍යවහාරයේ දී පාම් ස්ටියරින් යනුවෙන් (Palm Steering) හඳුන්වනු ලැබේ”. 

අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස ඉහත ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
“වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතළ විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබීය. එහෙත් සායනික අවශ්‍යතා සඳහා එතනෝල් ආනයනයට ඉඩදී තිබේ. පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරය ද එබඳුය. කටුපොල් වගාව, ජල මූලාශ්‍ර  සිඳීයාම සහ පස නිසරුවීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇතිකරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරුකර තිබිණ. එබැවින් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06කට පමණ පෙර කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී. දැනට තිබෙන කටුපොල් වගාව වරකට 10% බැගින් අදියරෙන් අදියර ගලවා ඉවත්කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාකිරීමට සැලසුම් කර තිබේ,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 126 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments