කොංගෝ නව විපක්ෂ නායකයා ‘කොවිඩ් 19’ විසින් බිලිගනී

කොංගෝ විපක්ෂ නායක 61 හැවිරිදි ගායි බ්‍රයිස් පර්ෆේ කොලේලාස් මියගොස් ඇති බවත් කොලේලාස්ගේ මරණය සිදුවූ සිදුවීමට හේතු වී ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.

අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝවේ ජනාධිපතිවරණය ඊයේ (21) පැවැත්විණි. කොලේලාස් හිටිහැටියේ රෝගී වී රෝහල්ගත කළේ ජනාධිපතිවරණයට පෙර දින සවසය. රෝහලට ඇතුළත් කරද්දී, විපක්ෂ නායකවරයා ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රංශයට ගෙන යෑමට තීරණය කෙරුණු අතර‍ ඒ වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් ද යොදා ගත් අතර ඔහු ගුවනින් ප්‍රංශය බලා යද්දී මියගොස් ඇත.

 58 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments