අදායම් බලපත්‍රය නෑ, රකෂණ සහතිකය නෑ, රියදුරු බලපත්‍රයත් නෑ, දෙදෙනකු හප්පා පලාගිය බිමත් දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට

බීමතින් රිය පදවා මහමඟ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක් කොට පළා ගියැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා හමුවට ඉදිරිපත් කළ බදුල්ල දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

මෝටර් රථයේ ආදායම් බලපත්‍රය, රකෂණ හෝ සැකකරුගේ රියදුරු බලපත්‍රය හෝ නොමැතිව සැකකරු බීමතින් පසුගිය 21 වැනි දා රාත්‍රීයේ රිය පදවා මහමඟ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පස්සර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

අනතුරින් තුවාල ලැබුවන් මේ වන විටත් ප්‍රතිකාර ලබන බව කියමින් පස්සර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය.

 48 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments