මජ්මා නගරයේ කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහයන් භුමදානය

කොරෝනා වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහයන් භුමදානය කළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ චක‍්‍ර ලේඛය අනුව ඊයේ සෙනසුරාදා දෙවැනි දිනත් රාත‍්‍රී 7 දක්වා දේහයන් 8ක් භූමදානය කරන ලදී.

ඔට්ටමාවඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මජ්මා නගරයේ කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහයන් භුමදානය කිරීමට අවසර ලබාදී තිබියදී ඔට්ටමාවඩි ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයේ සිකුරාදා හා සෙනසුරාදා දිනයන්වල පමණක් කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් දේහයන් 17ක් භූමදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු පැවසීය.

කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් 9 දෙනකුගේ දේහයන් සිකුරාදා භූමදානය කර ඇති අතර ඊයේ සෙනසුරාදා නිට්ටඹුව ප‍්‍රදේශයේ සිව්දෙනෙකු තිහාරිය ප‍්‍රදේශයේ එක් අයෙකු අනුරාධපුර ප‍්‍රදේශයේ එක් අයෙකු නාරංගොඩ කොළඹ පදිංචිකරුවන් එක අයකු බැගින් 8 දෙනකුගේ දේහයන් 7දා රාත‍්‍රී 7 දක්වා භූමදානය කරන ලදී.

දැනට දේහයන් 17 ක් භූමදානය කර ඇති බවත් භූමදානය කිරීමේ කටයුතු දිගටම කිරීමට නියමිත් බව ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකරන ප‍්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් පැවසීය. කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූවන්ගේ දේහයන් භූමදානය කිරීමේ ප‍්‍රදේශය හමුදා ආරක්ෂාව යටතේ ඇති අතර මාධ්‍යවේදීන්ට ද එම ස්ථානයට ඇතුල්වීමට අවසර ලබා නොදෙන ලදී.

 98 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments