නිදහස් උතස්වයට සමහර දෙමල පක්ෂ හා දෙමල ඩයස්පෝරාව කැමති නැහැ

මෙවර පැවැත්වෙන 73 වැනි නිදහස් උතස්වයට විරෝධය පළකරමින් උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ කීපයක් සාමාන්‍ය ජනතාව සමග ඒකාබද්ධව පැවැත්වීමට නියමිත විරෝධතා රථ පෙළපාළිය අද පොතුවිල් නගරයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ. මෙම රථ පෙළපාලිය යාපනය දක්වා ගමන් කිරීමට සැලසුම් කරන බවත් අවසානයේ 06 වනදා රැස්වීමකින් අවදන් කරන බවත් වාර්තා වේ.
මෙවන් ව්‍යසන අවස්ථාවකදී නිරෝධායන නීති උල්ලංගනය කරමින් සමස්ත ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාම සමරන ජාතික උත්සවයට විරුද්ධව විරෝධතා සැලසුම් කිරීමට දෙමල දේශපාලන පක්ෂ හා දෙමල ඩයස්පෝරාව මැදිහත්ව සිටින බව ආරංචි මාර්ග සදහන් කරයි.
මෙවන් ක්‍රියා නිසා නිරෝධායන නීති මෙන්ම ජාතික සමගිය, ජාතික ආරක්ෂාවටද හානිකර වීමට ඉඩ ඇතත් අධිකරණ නියෝගයක් ලැබෙන තුරු නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට නොහැකි පොලිසිය සදහන් කර ඇත.
සිංහල ජනතාවට හිමිවී ඇති නිදහස උතුරේ දෙමළ ජනතාවට හිමිවී නැති බව කියමින් ඊට විරෝධය පළ කිරීමට මෙම පෙළපාළිය පැවැත්වීමට දෙමළ දේශපාලන පක්ෂ සහ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බවද වාර්තාවෙයි.
කෙසේ වෙතත් මෙම පෙළපාළිය හේතුවෙන් මාර්ග අවහිර වීමක් හෝ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය නතර කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් පොලිසිය පවසයි.

 106 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments