ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම ගෘහස්ථ දැල්පන්දු තරගාවලියට – යොවුන් කණ්ඩායම ආසියානු හා ලෝක කුසාලානයට

ශී‍්‍ර ලංකා දැල්පන්දු ජාතික සංචිතයේ පුහුණුවීම් අද (07 වැනිදා) සිට යළි ඇරඹීමට පියවරගෙන තිබේ. එ් අනුව නවක කී‍්‍රඩිකාවන් රැුසක් සමගින් කොළඹ ටොරින්ටන් හිදී අද උදෑසන සිට අදාළ පුහුණුවීම් ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා ‘දිවයින’ට කියා සිටියාය.

ගෝලීය වසංගතයක් වූ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තවීම හේතුවෙන් මෙරට සියලූම කී‍්‍රඩා කටයුතු පුහුණුවීම් සහ තරගාවලි අවලංගු කිරීමට සිදුවිය. එ් අනුව මාර්තු මාසයේදී නතර කර දැමූ දැල්පන්දු පුහුණුවීම් කටයුතු නැවත ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් මූලික කරගනිමින් පසුගිය ඔක්තෝබර් මාසයේදී යළි ආරම්භ කෙරුණද කොරෝනා තත්ත්වය රට තුළ යළිත් හිස එසවීම හේතුවෙන් එම කටයුතු නැවතත් නතර කර දැමීමට සිදු විය.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත දැල්පන්දු ශූරතාවලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය ක‍්‍රමවේද යටතේ අදාළ පුහුණුවීම් සිදු කිරීම අද සිට ආරම්භ කෙරෙන බවත්, ජාතික සංචිතය සඳහා නවක කී‍්‍රඩිකාවන් රැුසක් ඇතුළත් වී සිටින බවත් ශී‍්‍ර ලංකා දැල්පන්දු සභාපතිනිය පවසා සිටී. එහිදී ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය යහපත් අතට හැරුණහොත් ලබන මාර්තු මාසයේ අග භාගයේදී නවසීලන්ත සිංගප්පූරු කී‍්‍රඩා සංගම් කණ්ඩායම් සමග පුහුණු තරග සැසියක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු බවත් ඇය කියා සිටියාය.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම මෙම වසරේ මැයි මාසයේදී ගෘහස්ථ දැල්පන්දු තරගාවලියට සහභාගි වීමට නියමිත අතර යොවුන් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ආසියානු ශූරතාව සහ ලබන දෙසැම්බර් මාසයේදී ලෝක කුසාලාන තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

 366 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments