හැරී සහ මෙගන් රූපවාහිනි තිරයට

හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මාර්කල් පිළිබඳ රූපවාහිනි වැඩසටහන් පෙළක් නිර්මාණය කිරීමට යන බැව් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. චිත්‍රපට සහ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් නම් දරා සිටින නෙට්ෆ්ලික්ස් සමාගම සමග මෙයට ටික දිනකට පෙර මෙම යුවළ ගිවිසුමක් අත්සන් කළ අතර ඉහත කී වැඩසටහන් පෙළද නිර්මාණය වනු ඇත්තේ ඒ යටතේ බව සඳහන් වේ. නෙට්ෆ්ලික්ස් ගිවිසුම අනුව හැරී-මෙගන් දෙදෙනාට ස්ටර්ලිං පවුම් මිලියන 112ක (ලංකා රුපියල් බිලියන 26 ක පමණ) මුදලක් ලැබී ඇති බවද ඒ දිනවල වාර්තා විය. මෙම ගිවිසුම යටතේ තවත් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන කෙරෙනු ඇත. සොබාදහම, පරිසරය ගැන මෙන්ම විවිධ සමාජ ගැටලු ගැනද වාර්තා චිත්‍රපට සහ රූපවාහිනි වැඩසටහන් මෙම ගිවිසුම යටතේ නිර්මාණ වනු ඇති බව සඳහන් වේ.

හැරී සහ මෙගන් පිළිබඳ නිර්මාණය වන වැඩසටහන් මාලාවේදී මාස තුනක කාලයක් පුරා ඔවුන්ගේ ජීවිත පිළිබඳ අවධානය යොමු වනු ඇතැයි පැවසේ. එහිදී වැඩි වශයෙන්ම අවධානය යොමු වනු ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැන නොව ඔවුන් කරන සමාජ සේවා කටයුතු පිළිබඳවය.

 263 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments