දහම් පාසලේදී පෙම් කළ දැරිය නිවසකට ගෙන ගිය චීවරධාරියා රිමාන්ඞ්

 විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසලට පැමිණි බාල වයස්කාර දැරියක් සමග පෙමින් බැඳී ඇයව වාද්දුව ප‍්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගිය බව කියන කළුතර ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.

හිමිනමක් බාල වයස්කාර දැරියක් නිවසකට කැඳවාගෙන යනවා දුටු අයකු ඒ බව ජාතික ළමා රක්ෂක කාර්යාංශයට කළ දැනුම්දීම අනුව එම හිමිනම අත්අඩංගුවට ගෙන තිබිණි.ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර මහ රෝහලට ඇතුළත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළාය.

දකුණු කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො. පරීක්‍ෂිකා දිස්නා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

 276 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments