ඔස්ට්‍රේලියාව විදෙස්ගත පුරවැසියන් රට තුළට ගෙන්වාගැනීම සීමා කරයි

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් තම විදෙස්ගත පුරවැසියන් යළි රට තුළට ගෙන්වාගැනීම සීමා කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.ඒ අනුව ඉදිරියේදී ආපසු ගෙන්වාගන්නා පුරවැසියන් ගණන, රටේ නිරෝධායන ධාරිතාවට අනුව තීන්දු කෙරෙනු ඇත.

කොවිඩ් වෛරසය ලොව රටවල් රැසක තවමත් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

බ්‍රසීල ජනාධිපතිවරයාද එහි ගොදුරක් වූ පසුබිමක අද අනාවරණ වූයේ තවත් ලතින් අමෙරිකානු රාජ්‍යයක් වන බොලිවියාවේ ජනාධිපතිනියත් කොවිඩ් ආසාදිතයකු වී ඇති බවය.

අද වන විට ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 12,400,000 ඉක්මවා ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ ගණන 557,000 අධිකය.

මේ අතර කොවිඩ් ව්‍යාප්ත වන පසුබිමක වුවත් සිංගප්පූරුවේ මහ මැතිවරණය අද පැවැත්වුණි.

ඒ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදවලට යටත්වය.

 333 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments