අමෙරිකාවේ දී පළමු වරට කොරෝනා වෛරස් රෝගියෙකු මරුට

පළමු වරට අමෙරිකාවේ දී කොරෝනා වෛරස් රෝගියෙකු මියගොස් තිබේ.වොෂිංටනයේ දී 50 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු ඊයේ(29) මියගිය බව එරට බලධාරීන් තහවුරු කළේය.මීට පෙර චීනයේ වූහාන් නගරයේ සිටියදී රෝගයට ගොදුරු වූ අමෙරිකානු ජාතිකයෙකු මියගොස් තිබුණි.

මේ වන විට කැලිෆෝනියාව සහ වොෂිංටන් ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර දැනට පුද්ගලයන් හැට දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.මේ අතර වොෂිංටනයේ කර්ක්ලන්ඩ්හි රෝහලක හෙදියන් පනස් දෙනෙකුට වැඩි පිරිසකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැකපිට ඔවුන් නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වෙයි.

 386 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments