හැරි-මේගන් කැනඩාවට යයි

රාජකීය කටයුතුවලින් නිල වශයෙන් ඉවත් වූ සසෙක්සිහි ආදිපාදවර හැරී කුමරු කැනඩාවට පැමිණ තිබේ. ඊයේ (21 වැනිදා) හැරී කුමරු මෙසේ ලන්ඩනයේ සිට කැනඩාවට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිය මෙගන් සහ අටමස් වියැති පුතු ආර්චි සමග එක්වීම සඳහාය.

‘සිය විශ්වාසයට අනුව තවදුරටත් රාජකීයකු ලෙස නිල කටයුතුවල යෙදීමේ අවශ්‍යතාවක් නොමැති බව නිවේදනය කරමින් රාජකීය කටයුතුවලින් ඉවත් වූ සසෙක්ස් ආදිපාදවර ඒ වනවිටත් පසුගිය වසන්තයේ සිටම කිසිදු නිල රාජකාරි කටයුත්තකට සහභාගි වී නොසිටියහ. ඒ අනුව ඔවුහු 2019 වසන්තයේ පටන් රාජකීය ‘ගරු නාමය’ (Royal Highness) භාවිත නොකළ අතර රාජකීය නිල අත්සන්වලට සහභාගිවීමෙන් සහ නිල වශයෙන් ලැබෙන ආරක්ෂක අංශවල තනතුරු භාර ගැනීමෙන් වැළකී සිටියහ. එසේම නිල වශයෙන් බ්‍රිතාන්‍ය මහ රැජින මුණගැසුණේද නැත.

මහ රැජින සහ සහෝදර කේම්බ්‍රිජ්හි ආදිපාදවර විලියම් කුමරු සමග පසුගිය සති අන්තයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සසෙක්ස්හි ආදිපාදවරුන්ට රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත්වීමට අවසර ලැබිණි.

 398 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments