ගලේවෙලදී වාහන හතක් එකම ස්ථානයකදී ගැටෙයි
ගලේවෙල දඹුල්ල ප්රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදී අද අළුයම වාහන හතක් එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. එම රිය අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 15 දෙනෙකු දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ගලේවෙල පොලිසිය පැවසුවේ.
පවතින වර්ෂාපතනයන් සමග අදාල ස්ථානයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී ප්රධාන මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.
එම අනතුර පරීක්ෂා කරමින් මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුව විනාඩි කිහිපයක් ඇතුළත තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව නවතා තිබුණු වාහනවල ගැටී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
452 total views, 2 views today