රනිල් – සජිත් දැන් රඟපාන්නේ රයිගමයයි, ගම්පොලයයි චරිත දෙක

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලබන මෙම නාටකයේ සජිත් ප්‍රේමදාස මහතාට තමා ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස රඟ දක්වන චරිතයත්, තම දෑත් පිරිසිදු බව පවසමින් සජිත් ප්‍රේමදාස නගන චෝදනා ගනන් නොගෙන සිටීමේ චරිතය රනිල් වික්‍රමසිංහ මහතාට රඟ දැක්වීම සදහා ලබා දී ඇති බවයි.

මෙම මාධ්‍යහමුවේදී නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරී, සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහුද අදහස් පළ කළහ.

 623 total views,  4 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments