ආරක්ෂක අංශ සාමාජිකයන් 40කට අධික පිරිසකට දිවි අහිමි කරමින් පසුගියදා ජම්මු කාශ්මීරයේ පුල්වාමා හිදී සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ,  පාකිස්තානයට චෝදනා එල්ල කර ඇත.නමුත් ඒ සම්බනධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් උද්ගතව ඇති අර්බුදය විසදා ගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත්ය.එහෙත්  පුල්වාමා ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දියාව තමාට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

එහෙත් මෙම ප්‍රහාරය එල්ල කිරිමේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කිරිම, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් හෙලා දැක ඇත.ඉන්දියාව පවසා ඇත්තේ එම ප්‍රහාරය පකිස්තානයේ සිටින සන්නද්ධ කණ්ඩායමක් වන ජයිෂ් -ඊ-මොහොමඩ් නම් කණ්ඩාම විසින් සිදු කර ඇති බවයි.එමෙන්ම එම කණ්ඩායමමේ නායකයා වන මෂූද් අසාර් ද මේ වන සිටින්නේ පකිස්තානයේ බැවින් ඔවුන්ට එරේහිව  නිතිමය පියවර ගැනීමට පකිස්තානයට හැකි බවද ඉන්දියාව පවසා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිවේදනය සඳහන් වන්නේ තම රජය විසින් ඉදිරිපත් කළ සාක්ෂි අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීම සඳහා ප්‍රමාණයත් බවයි.පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් චොදනා කරන්නේ නම් ඒ පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කිරන ලෙසට කළ ප්‍රකාශයද පිලිගත නොහැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර 2008 වසරේ මුම්බායිවල සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන්ද තමන් සාක්ෂී ලබා දුන්නද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් ගෙන නොමැති බවද ඉන්දියාව චෝදනා කර ඇත.තවද ඉන්දියාව පවසා ඇත්තේ පකිස්තානය තම රට ත්‍රස්තවාදයට ගොදුරු වු රටක් ලෙස එත්තුගැන්වුවද පකිස්තානය ත්‍රස්තවාදයේ මුල බීජයක් බව ජාත්‍යන්තරය දන්නා කරුණක් බවද ඉන්දියාව සඳහන් කර ඇත.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පකිස්ථානයට සිතීමට පවා නොහැකි ලෝකයක ආකෘතියක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error

Enjoy this blog? Please spread the word :)