ලංකාවට ඉතාලියෙන් හෙලිකොප්ටර සහයෝගයක් ලැබේ…

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා පූර්ණ සහය දක්වන බව ඉතාලි රජය පවසා තිබේ.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙලා (Rita G. Mannella) කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කැර ඇත්තේ අද (25) පස්වරුවේ ජනපති  කාර්යාලයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී බවයි වර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද මෙහි දී ජනපතිවරයා හා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන් ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහයෝගය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු වී තිබේ.

Leave A Reply

Send this to a friend