චීන අපනයන හා ආනයන බැංකුවෙන් ලංකාවට වසර දෙකක සහන කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙන බවට චීන අපනයන හා ආනයන බැංකුව දැනුම් දී තිබේ.
මෙම පහසුකම මත තවත් වසර දෙකක් දක්වා වූ කාලයක් ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී තිබේ.
තව ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා ද අවශ්‍ය සහයෝගය දෙන බව චීනය පවසා තිබේ.
ශ්‍රී ලංකාව මේ වන විටත් සිටින්නේ අදාළ ණය වාරික නොගෙවන මට්ටමකයි.