අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ දී විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාව පළ වූ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි. ඒ අනුව අද දින සිට බලපැවැත්වෙන පරිදි විදුලිය නොකැපේ.
මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ කැඳවූ මහජන උපයෝගිතා කොමිසමේ, විදුලි බල මණ්ඩලයේ සහ අමාත්‍යාංශයේ අදාළ නිලධාරි පාර්ශ්ව සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාව ඇති වී තිබේ.
ඒ අනුව 2023 වසරේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා වූ අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ දී අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟ වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවෙදනය මගින් ප්‍රකාශ කර සිටී.
එම නිවේදනය,