පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී සර්වපාක්ෂික හමුවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවයි සඳහන්.
ජනපති රනිල් වික්‍රමසිංහ 2022 දෙසැම්බර් 13 වැනිදා කැඳවූ පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාව ඇති කර ගැනීමට නියමිත බවත් පැවසේ.
මාධ්‍ය නිවේදනය