ලෝකයේ වැටුප් ගෙවන්නේ සතිපතා… රාජ්‍ය ආර්ථිකයට බරක් නැතිව සේවක වැටුප් ගෙවන හැටි… අලුත්ම යෝජනාවක් එයි…

රාජ්‍ය සේවක මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කර තිබේ.

උදය ගම්මන්පිල මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ අතර එසේ සිදු කිරීමෙන් වැටුප් සඳහා යෙදවිය යුතු දැවැන්ත මුදලක් එකවර සොයා ගැනීමේ අභියෝගයට රජය මුහුණ දිය යුතු නැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය. ඒ මෙලෙසින්..

“සතිපතා වැටුප් ලැබීමේ දී ඒ සතියට ලැබෙන්නේ ඒ සතියේ වියදම පමණක් නිසා අවසාන සතියේ දී මුදල් වියදම් වෙලා ණයට ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලික අංශයට වේවා දැවැන්ත මුදලක් එකවර සොයා ගැනීමේ පීඩනය මතුවෙන්නේ නෑ. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උඟුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීම පිටුවහලක් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.”

මන්ත්‍රීවරයා පවසන්නේ මෙසේ වැටුප් ගෙවීමෙන් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම වැළකී යන බවයි.

Leave A Reply

Send this to a friend