නවසීලන්තයේ නව අගමැති ලෙස 44 හැවිරිදි Chris Hipkins දිවුරුම් දෙයි…

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නවසීලන්තයේ හිටපු අගමැතිනි ජෙසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අමැතිවරයා ‍ලෙස යෝජනා වූ  44 හැවිරිදි Chris Hipkins එම ධුරයේ දිවුරුම් දී ඇති බව සඳහන් වෙයි.

හිටපු අගමැතිනියගේ ඉල්ලා අස් වීමෙන් නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය යන ද්විත්වය සඳහා ම පුරප්පාඩු ඇති වූ අතර එම අගමැති පුරප්පාඩුව පිරවීම සඳහා මොහු පත් විය.

1978 වසරේ උපත ලබා ඇති Chris Hipkins නවසීලන්ත කම්කරු පක්ෂයෙන් දේශපාලනයේ නිරත වන්නෙකි. ඔහු මේ වන තෙක්  එරට අධ්‍යාපන ඇමැති, පොලිස් ඇමැති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධුරය ද දරා ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

Leave A Reply

Send this to a friend