උද්ගතව ඇති විදුලි අර්බුදයට සමගාමීව උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දන්වා යැවූ බව මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබේ.
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා කාලසීමාවේ දී විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස පසුගිය 23 වැනිදා මානව හිමිකම් කොමිසම එම නිලධාරීන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබිණ.
නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි ඒ පිළිබඳව දෙපාර්ශ්වය විසින් ම කිසිදු සාර්ථක පියවරක් මෙතෙක් නොගන්නා ලද බැවින් මෙසේ කැඳවන්නට හේතු වී තිබේ.
ඒ අනුව අද ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොනල්ඩ් කොමෙස්ටර් සහ අමාත්‍යංශ ලේකම්වරයා එහි පැමිණි අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.