රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම අද (25) සුපුරුදු පරිදි සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒ අනුව විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප අද බැංකු වෙත මුදා හැර ඇති බවත් කිසිවකුගේ වැටුප් ප්‍රමාද නොකළ බවත් සඳහන්.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවීම ප්‍රමාද වනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබූ නමුත් කෙසේ හෝ අද දිනයේ මෙලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබේ.