“සිරිමාවෝ“ වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර “ඩකා උළෙලේ දී සම්මානයක් දිනා ගනී…

ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ ශිල්පිනියක වන අනෝමා රාජකරුණා නිර්මාණය කළ නවතම වාර්තා චිත්‍රපටයක් වූ “සිරිමාවෝ’” චිත්‍රපටය සඳහා 21 වැනි ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ කාන්තා අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය හිමි ව ඇති බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිතය පාදක කරගනිමින් ‘අපේ මව, මිත්තනිය, අගමැතිනිය: “සිරිමාවෝ” ලෙස නම් කළ මෙම “සිරිමාවෝ”වාර්තා චිත්‍රපටය මෙවර “21 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල” නියෝජනය කළ අතර එහි දී උළෙල් කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට “සිරිමාවෝ” චිත්‍රපටයට හැකි විය.

සම්මානය දිනා ගැනීමෙන් පසු අනෝමා රාජකරුණා ඊයේ සවස කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා ය.

2016 වසරේ දී දිවංගත අග්‍රාමාත්‍යවරියගේ ශත සංවත්සරයට සමගාමීව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ. චිත්‍රපටය 2023 වසර එළඹීමත් සමග නිකුත් විය.

Leave A Reply

Send this to a friend