වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට උතුරු සහ නැගෙනහිර පළාත් ප්රමුඛ ව අනිකුත් පළාත් ඇතුළු සියල්ලට ම පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී තිබේ.
දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුව එම තීරණයට කැමැත්ත පළ කර තිබේ.
මේ අනුව සෑම පළාත්සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් නව දෙනෙක් පත් කෙරේ. කොළඹ නගරාසන්න සහ අවම පාලනයට තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කෙරේ.
එසේම ඉඩම් කොමිසමක් ද ස්ථාපිත කෙරේ. රජය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ඇතුළු ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා යන පිරිස ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
චෝදනා රහිතව සිටින ද්‍රවිඩ සැකකරුවන් පස් දෙනකු නිදහස් කිරීමට ද එහි දී රජය එකඟ වී තිබේ.
උපුටා ගැනීම – දිවයින