මන්නාරමේ දෙදෙනකු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත්වේ..!

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ලොරි රථයක් තුළ සඟවා ගෙන ප්‍රවාහනය කරමින් තිබිය දී  බිංගිරිය පොලිසිය විසින් කළ පරීක්ෂාවක දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි බිංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට සැක සිතී අදාළ ලොරි රථය පරීක්ෂා කර බලා ඇති අතර එහි දී මෙම තොගය හසු වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මෙහි දී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නට හැකි වූ බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනකු බවත් සැකකරුවන් අද (24) හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ය.

බිංගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Send this to a friend