මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්… පුංචි ඡන්දෙන් ආණ්ඩුව පරාදයි… මහ මැතිවරණයට යනවා… ඒකත් පරදිනවා… -ජී.එල්. කියයි

මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා නැවත වරක් මතක් කර දී තිබේ.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසන අතර මේ වන විට ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය සියයට පහළොවක් (15%) දක්වා පහළ බැස ඇති බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය නියත වශයෙන්ම මාර්තු මස 09 වැනිදා පැවැත්වෙනු ඇති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන බවයි.

ඒ ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැතිවීම හේතුවෙන් බවත් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයට යාමට සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

අවසාන වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසන්නේ එම මැතිවරණයෙන් ද ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවයි.

Leave A Reply

Send this to a friend