ගාස්තු ඉහළ දැමීමට එරෙහි ව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් නඩුවක්…

අර්බුදකාරීව පවතින, නීති විරෝධී ආකාරයට විදුලි බල පනත උල්ලංඝනය කරමින් සිදු කිරීමට යන විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අද (24) අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය කියා සිටී.

මේ සම්බන්ධව රීට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කොට තිබේ. තව ද පවතින තත්වය පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ, විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කරමින් ලිපි යොමු කර ඇති බව ද ඒ මහතා පවසයි.

විදුලි බල පනත අනුව අතීත කාලයට බලපැවැත්වෙන පරිදි විදුලි බිල වැඩි කිරීමට කිසිසේත්ම නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම පනතේ 30 වැනි වගන්තිය අහෝසි කිරීමක් බව ද සංගමය කියා සිටී.

මේ අතර උද්ගතවූ ගාස්තු සංශෝධනය පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිරාකරණය සඳහා නීතිමය මතය විමසීමට මහජන උපයෝගිතා  කොමිසම තීරණය කර ඇති බව අද වාර්තා වේ.

Leave A Reply

Send this to a friend