හෙට (24) දිනයේ සිට මෙතෙක් පවත්වාගෙන ආ පැය 2 යි මිනිත්තු 20 ක් වූ විදුලි කප්පාදුව විනාඩි විස්සකින් (20) අඩු කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව දෛනික විදුලි කප්පාදුව පැය 2 ක් වනු ඇති බව පැවසෙන අතර එය දිවා කාලයේ දී විනාඩි 40ක් සහ රාත්රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව අ.පො.ස. උ.පෙළ විභාගය ට සහභාගි වන දිවයින පුරා සිසු දරුවන් පිළිබඳ අවධානයක් යොමු වී නැති අතර රාත්රි කාලයේ විදුලිය කප්පාදුව සුපුරුදු ලෙස ම සිදු වේ.