නවසීලන්තයේ නව අගමැති ලෙස දක්ෂයෙක් යෝජනා වෙයි… හෙට තීන්දු වෙයි…

නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩර්න් සිය කැමැත්තෙන් ම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය යන ද්විත්වය සඳහා ම පුරප්පාඩු ඇතිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඇතිවන එම පුරප්පාඩුව පිරවීම සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමැති, පොලිස් ඇමැති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධුරය ද දරනු ලබන ළාබාල දක්ෂ ඇමැතිවරයකු වන Chris Hipkins ගේ නම යෝජනා වී ඇති බව එම මාධ්‍ය වාර්තා කියයි.

කෙසේ වෙතත් මෙම තත්වය මත හෙට (22) දිනයේ දී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව Chris Hipkins නිල වශයෙන් අගමැති ධුරයට පත්වීමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave A Reply

Send this to a friend