උසස් පෙළ විභාගය කාලසීමාවේ විදුලිය කැපෙන නොකැපෙන හැටි නිවේදනය කෙරේ…  

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට අදාළ කාලසීමාව තුළ ද විදුලිය කප්පාදු කරන බව පැවසේ.

එහෙත් රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදු නොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවයි.

මේ අතර, අද (21) සහ හෙට දිනයේ දී සුපුරුදු විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක්  සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී තිබිණි.

Leave A Reply

Send this to a friend