රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය “කළු සතිය” ප්‍රකාශයට පත් කරමින් දින නියම කරයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජනවාරි 23 වැනිදා සිට “කළු සතියක්” ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය  ගැනීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත් ගේ පවසා සිටී.

එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමි වූ බවත් මෙම කටයුත්තට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධාන කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අද පැවැති මාධ්‍ය හමුවක දී වැඩි දුරටත් කියා සිටියේ ය.

Leave A Reply

Send this to a friend