ශ්‍රී ලංකා-ඉන්දීය තුන්වැනි, අවසන් එක් දින හටන අද සවස කේරලයේ දී…

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සමගින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරග මාලාවේ අවසන් එක් දින තරගය අද (15) පැවැත්වේ.

ඒ කේරලයේ “තිරුවානන්පුරම්”හි “ග්‍රින් ෆීල්ඩ්” ක්‍රීඩාංගනයේ දී බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරන්නේ.

ඒ අනුව, අද තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙතෙක් පැවැති තරග දෙකම ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් ව මෙතෙක් තරගාවලියේ ජය හිමි කරගෙන ඇති බැවින් අද තරගය ජය ගත හැකි වුවහොත් සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වන බව විචාරක මතයයි.

පසුගිය දා දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ද දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Leave A Reply

Send this to a friend