මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රහීම් (Anwar Ibrahim) වෙත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක් කළ බව වාර්තා වේ.
මැලේසියානු අගමැතිවරයා අද උදෑසන දුරකථනයෙන් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නව පත්වීම පිළිබඳව විමසමින් එසේ සුබ පැතුම් එක් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
සුහද සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාශය බව පවසමින් ශ්‍රී ලංකා ජනපතිවරයා තම සතුට පළ කර ඇති බවයි පැවසෙන්නේ.
මැලේසියානු නව අගමැති අන්වර් ඊබ්‍රහීම් මහතා මැලේසියාවේ දසවැනි අගමැතිවරයා ලෙස පසුගිය 24 වැනිදා අලුතින් තේරී පත් විය.