“සමානාත්මතාව සුරකිමු” තේමාවෙන් ලෝක ඒඩ්ස් දිනය අදට යෙදේ… රෝගයෙන් වළකා ගන්න විශේෂ අවධානයක්..

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “සමානාත්මතාව සුරකිමු” යන්නයි.

මේ අනුව ලංකාවේ ද ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කර සිටී.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

එම නිසා මෙම වසරේ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට ඒඩ්ස් දිනය වැදගත් වන අතර රෝගයට ගොදුරු වෙමින් වර්ධනයක් පෙන්නුම් කරන තරුණ හා පාසල් දරුවන් අතර මෙය වළක්වා ගැනීම සඳහා දැනුවත් කිරීම ප්‍රධාන අවශ්‍යතාවක් වේ.

Leave A Reply

Send this to a friend