ගෑස් නැව් එයි… අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂය ඉක්මවා වෙළඳපොළට… -ලිට්‍රෝ සභාපති

අද (01) සිට ලීටර 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

පසුගිය දා බලාපොරොත්තු වූ පරිදි ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව 117,000 ක ප්‍රමාණයක් අද දිනයේ නිකුත් කරමින් උත්සව සමයයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල සකසා ඇති බව ද සභාපතිවරයා පවසයි.

ඇණවුම් කළ ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් ඇති බවත් එම නිසා අපහසුවකින් තොරව උත්සව සමයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිල දී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවත් සභාපතිවරයා පවසා සිටී.

Leave A Reply

Send this to a friend