මතභේදයකට ලක්ව තිබෙන රජයේ සේවක ඇඳුම සම්බන්ධයෙන් වූ මෑතක නිකුත් කළ චක්‍රලේඛ දෙක අවලංගු කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කොවිඩ් සමයේ සිට ක්‍රියාත්මක වූ මෙතෙක් පැවති පහසු ඇඳුමකින් සේවයට පැමිණීම සඳහා ලබා දුන් අවස්ථාව සමග වූ 2019.06.26 දිනැති චක්‍රලේඛය හා 2022.09.27 දිනැති චක්‍ර ලේඛය අවලංගු කර තිබේ. මෙය මාණ්ඩලික නිලධාරීන් හැර සෙසු නිලධාරීන්ට ඉවත් කර ඇති අතර නිල ඇඳුම් අදාළ වන අයට වෙනසක් නොවී අදාළ නිල ඇඳුම් ඇඳීම ක්‍රියාත්මක වේ.
ඒ අනුව 1989.02.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/89 ට අදාළව සියලුම රජයේ නිලධාරින් මින් ඉදිරියටත් පෙර මෙන් ජාතික ඇඳුම හෝ කලිසම- කමිසය ඇඳීම ද නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය ඇඳීම ද රාජකාරියට පැමිණීමේ දී බලාත්මක වෙයි.
නිවේදනය,