ඇෆ්ගන්-ශ්‍රී ලංකා අවසන් එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක විශිෂ්ට ජයක්… චරිත් අසලංක නොදැවී ලකුණු 83 ක්…

මෙවර පැවැත් වූ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර වූ තුන්වන හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉයේ සමත් වුණේ කැපී පෙනෙන දස්කම් දක්වමින්.

තරගය ආරම්භ රමින් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා ගත් අතර පන්දුවට පහරදීමේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran නොදැවී ලකුණු 162 ක් හා Najibullah Zadran ලකුණු 77 ක් ලබා ගැනීමට සමත් වූහ.

මෙහි දී පන්දු යැවීම අතින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා ධනංජය ද සිල්වා හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වීම විශේෂයි.

මේ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී කඩුලු 6 ක් දැවී සිටිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකරන්නට සමත් වීමත් සමග තරගය ජය ගත්තේ විශිෂ්ට ලෙස නිමා කරමින්.

මෙම දායකත්වයේ දී පන්දුවට පහර දීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 67 ක්, දසුන් ශානක ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 35 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා කැඳවා ගෙන ගිය චරිත් අසලංක නොදැවී ලකුණු 83 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31 ක් ලබා ගන්නට සමත් වීමත් සුවිශේෂයි.

Leave A Reply

Send this to a friend