ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා සඳහා නිකුත් කළ කාලගුණ නිවේදන අනුව,
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකිය.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
(දෙසැම්බර් 01 වැනිදා උදෑසන 05.30 ට නිකුත් කළ වාර්තාව)
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකිය.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.