සෙස් බද්ද ඉවත් කළොත්  50,000 ක් රැකියා අහිමිවේ ද? දේශිය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යයිද?

2023 අයවැයෙන් යෝජනා කර ඇති සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවදානමක් පවතින බවත් එමගින් 50,000 ට අධික පිරිසකගේ රැකියා අහිමිවන බවත් ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය පවසා තිබේ.

මේ වන විට පවතින නිදහස් වෙ​​ළෙඳ ගිවිසුම යටතේ ෂැම්පු, ෂවර් ජෙල් හා ක්‍රීම් වර්ග වැනි රුපලාවන්‍ය නිෂ්පාදන කිසිදු රේගු බද්දකට යටත් නොවී මෙරටට ගෙන එන බව පවසන එම සංගමයේ සභාපති සේනක සමරසිංහ මහතා පවසයි.

මේ අනුව ඉදිරියේ දී රේගු නොවන බදු හෙවත් සෙස් බදු ඉවත් කළ විට දී එහි සම්පූර්ණ වාසිය හිමිකරගන්නේ මෙරට දැනට පවත්වාගෙන යන බහුජාතික සමාගම් සහ විදේශීය රටවල සිටින නිෂ්පාදකයන් බව ද ඔහු පෙන්වා දෙයි. එවැනි වාතාවරණයක දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිදුවන්නේ කර්මාන්ත වසා දමා දේශීය වෙළෙඳපොළෙන් ඉවත් වීමට බව ද රුපලාවන්‍ය ශිල්පීහු සඳහන් කරන බව පැවසේ.

මේ ගැන සලකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ රේගු බදු ඉවත් කර ඇති නිෂ්පාදන සඳහා පනවා ඇති සෙස් බදු ඉවත් කිරීමට නොහැකි වනසේ අදාළ අයවැය යෝජනාව සංශෝධනය කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Leave A Reply

Send this to a friend