තැනින් තැන වැසි… සවස් කාලයේ අකුණු අනතුරුවලින් ප්‍රවේසම් වන්න… – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 29 වැනිදා අඟහරුවාදා සඳහා නිකුත් කළ නිවේදන අනුව,
සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
(නොවැම්බර් 29 වැනිදා උදෑසන නිකුත් කළ වාර්තා අනුව)

වැසි තත්ත්වය: කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිය.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

 

Leave A Reply

Send this to a friend