ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ශ්රී ලංකාව තව තවත් ඉහළට ම පැමිණ ඇති බවකි.
මේ වන විට ලෝක ආහාර උද්ධමන ලේඛනයේ 6 වැනි ස්ථානයේ ශ්රී ලංකාව පසුවන බව එම වාර්තාව පෙන්වා දෙන අතර ශ්රී ලංකාවේ ආහාර උද්ධමනය ප්රතිශතයක් ලෙස 86% ක් වන ඒ මගින් ලෝක බැංකුව සඳහන් කර තිබේ.
ඒ අනුව ආජන්ටිනාව ආසන්නයේ (87%) ද ඉරානය (84%) ඉක්මවා යමින් ද ශ්රී ලංකාවේ ආහාර මිල උද්ධමනය ඉහළ මට්ටමක පවතී.
රුවන්ඩාව (41%), සුරිනාම් (41%) සහ ලාඕසය (39%) ලංකාවට වඩා හොඳ මට්ටමක ආහාර උද්ධමන ප්රතිශතයක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.