දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සාට සමාන වෛරසයක් හිස ඔසවයි… මුව ආවරණ පළඳින්න… -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූවන්ට මතු වන රෝග ලක්ෂණ හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් දිවයින පුරා පැතිරයමින් පවතින බව පැවසේ.

මෙම රෝගී තත්වය හේතුවෙන් සංකූලතා ඇති වීම කොවිඩ් රෝගය හා සැසදීමේ දී සාපේක්ෂ ලෙස අවම බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මෙහි දී සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ ඇති අතර මෙම රෝගය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවීමේ අවදානමක් පවතින බැවින් ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙහිදී කොවිඩ්-19 මෙන්ම කැස්ස, හෙම්බිරිසාවෙන් පටන්ගෙන සමහරවිට ඉතා කලාතුරකින් නිව්මෝනියාව දක්වා ද වැඩි විය හැකි බවත් එම නිසාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ ආකාරයට ම  එම ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි නම් ඉන් වැළකීම පහසු බව ද ඔහු පෙන්වා දෙයි.

මෙහි දී මුව ආවරණ පැළඳීම හා අත් නිතර පිරිසිදු කර ගැනීම වැනි ක්‍රමවේද මගින් මෙම රෝගය අවම කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙන අතර මෙහි දී ප්‍රධානම දේ අන් අයට බෝවීම වළක්වා ගැනීම බවත් පවසයි.

එසේ පරිස්සම් වන අයට මේ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත් උණුවතුර භාවිතය හා සාම්ප්‍රදායක ඔසු පානය කිරීම ප්‍රමාණවත් බවත් උණ තත්වය ඇත්නම්  පැරසිටමෝල් භාවිත කළ හැකි බවත් ඉතාම බරපතල නම් පමණක් වෛද්‍යවරයකු හමු විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

Leave A Reply

Send this to a friend