චාමික කරුණාරත්න ඉවත් කළේ බෝන්අගේන් බලපෑමෙන්… මන්ත්‍රීවරු අතර සාකච්ඡා… ක්‍රිකට් විධායක කමිටුව වෙනත් කතාවක…

මෙවර ඇෆ්ඝනිස්ථාන සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයිනේ තේරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න තෝරා නොගත්තේ බොන්අගේන් ආගමික බලපෑමකින් බව මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වී තිබේ.

මේ පිළිබඳ කුමාර සංගක්කාරගේ බිරිඳ ද පසුගිය දා වර්ණනා කර තිබූ බැවින් නැවත ක්‍රිකට් කණ්ඩායමට බෝන්අගේන් බලපෑමක් එල්ල වී ඇතැයි ක්‍රීඩාලෝලීන් අතර ද විවිධ ආරංචි පැතිර යයි.

මෙවර චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා ගෙන නැත්තේ ආගමික කල්ලියක බලපෑම නිසා බව පාර්ලිමේන්තුවේ ක‍්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ද මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇති බව දැන් ප්‍රසිද්ධ වෙමින් පවතින අතර කලක පටන්  ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී කිසියම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් ඇතැයි ද එම මන්ත්‍රීවරුන් කාරක සභාවේ දී කරුණු දක්වා ඇත.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නහට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ත්‍රිපුද්ගල කමිටු නිර්දේශ මත විධායක කමිටුව තීරණය කළේ ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රෙලියාවට ගිය ගමනේ දී ඔහු සමාජ ශාලාවකට ගොස් එහි රණ්ඩු සරුවල් වීමෙන් ඇතිවූ විනය විරෝධී හැසිරීම බව එම පාර්ශ්වයෙන් වාර්තා වේ.

ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියේ දී ක්‍රීඩක විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවූ සියලු චෝදනාවලට ඔහු වැරදිකරු  කිරීමට අදාළ කමිටුව නිර්දේශ කර ඇති අතර චාමික කරුණාරත්න උල්ලංඝනය කර ඇති ක්‍රීඩක ගිවිසුම් කොන්දේසි බරපතළ තත්වයේ පවතින බව පවසා ඇත.

නමුත් මෙහි දී ඔහුගේ ක්‍රීඩාවට හානියක් නොකරන බවත් ඔහුගේ ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් ඇති නොවන ලෙස දඬුවමක් පැනවීමට ක්‍රිකට් විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇති බවත්  විධායක කමිටුව තීරණය කර ඇත්තේ චාමික කරුණාරත්නට සියලු ආකාරයේ  ක්‍රිකට් තරඟ අත්හිටුවමින් වසරක ක්‍රිකට් තහනමක් පැනවිම බවත් වාර්තා වේ.

මෙය එක් වරම ක්‍රියාත්මක නොවන බවත් ඔහුගේ විනය පිළිබඳ අධීක්ෂණය කරමින් පසු වන බවත් නැවතත් විනය විරෝධී කටයුත්තක් කරනු ලැබුවහොත් පමණක් මෙම දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව කමිටුව පවසා තිබේ.

මෙහිදී එසේ වරදක් කළොත් ඩොලර් 5000 ක දඩයක් පැනවීමටද විධායක කමිටුව තීරණය කර ඇති බව පැවසේ.

Leave A Reply

Send this to a friend