ජයග්‍රහණයෙන් උදම් වූ සෞදිය, සවුදිය පුරයි…! මුළු රටම නිවාඩු…!

ඊයේ ලෝක පාපන්දු කුසලාන තරගාවලියෙන් ආජන්ටිනාව පරාද කළ සෞදි අරාබිය අද එම ජය සැමරීම වෙනුවෙන් සෞදි අරාබියාව පුරා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව සෞදි ආරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා අද 23 වැනිදා සෞදි අරාබියේ විශේෂ නිවාඩු දිනයක් වන බව එරට බින් සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම නිවාඩුව සෞදි අරාබියේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ සියලුම සේවකයන්ට ලබා දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම රට පුරා සිටින සියලුම අධ්‍යාපනය හදාරන සිසුන්ට ද අදාළ වන අයුරින් මෙම නිවාඩුව ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

ඊයේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 02-01 ක් ලෙස පැරදවීමට සමත් වීම ඔවුන් ලැබූ විශාල ජයක් ලෙස සෞදි ආරාබිය සලකා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

Leave A Reply

Send this to a friend